Login or Register for free!
Logo



 
 
HomeSpacerDownloadSpacerForumSpacerGallerySpacerSearchSitemapRssfeedsecardsjokes
 Home > Blog > Articles > රටම පුබුදු කළ ගීතයක කතාව
 
Navigator
Photo Gallery
suhani_kalita02
Articles
Topsites
New Downloads
Arrow Blog
රටම පුබුදු කළ ගීතයක කතාව
Date 31/05/2009 10:24  Author   Hits 1271  Language Global



රටම පුබුදු කළ ගීතයක කතාව

 

සිව් මහ බඹුන් පෑ අනුහසින්
අපටත් රජෙක් පහළව ඇතේ
ඒ මහ රජුන් පෑ පෙළහරින්
මේ දෙරණ එක් සේසත් කළේ

 

 

 

 

 

 

ශක තුනක් පුරා අපේ රට ලෙයින්, කඳුළින් පිරුණු භීෂණ යුගයක් කරා ගෙන ගිය, ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය පරාජය කරමින් වීරෝදාර හමුදාවන් රට නිදහස් කරගත් මොහොතේ, ජෝර්දානයේ සංචාරයක නිරතව සිටි මහින්ද රාජපක්ෂ ජනපතිතුමා යළි ආපසු පැමිණ දණ නමා මවු බිමට නමස්කාර කළ මොහොතේ ශ‍්‍රී ලාංකික අප සැමගේ ම හදවත් වලට දැනුණේ දරාගත නොහැකි සතුටක්. ‘අපි නිදහස්’ යන ප‍්‍රීතියෙන් ඉපිලී ගිය හැඟුමක්.

එය සජීවීව රූපවාහිනී තිරයේ දිග හැරෙද්දී ගැයුණු ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතයෙන් අපට රජෙක් සිටින බවත්, ඒ රජුන් මවුබිම නිදහස් කර ගැනීමට නායකත්වය දුන් බවත් දේශානුරාගී හැඟීම් වලින් පිරුණු අපේ සිත් සතන් තුළට කාවැදුණු බව අතිශයෝක්තියක් නොවේ.

සිය ගායනයෙන්, රංගනයෙන් මුළු රටටම මතු නොව මුළු ලෝකයාටම අපට රජෙක් සිටින බව කියා පෑ ඇය සහේළී රෝචනා ගමගේ.

අපේ මේ සූදානම ඓතිහාසික මොහොතක දස දිග ජනප‍්‍රිය වුණු ඇය සහ ඒ ගීතය පිළිබඳව විස්තර සොයා යන්නයි.

මහරගම පිළිකා රෝහල පිටුපස පිහිටි නිවහනේදී සහේළී මුණ ගැසෙන්නට ගිය අප පිළිගත්තේ ඇගේ මව ඌෂා මංජරී රන්නුළු විසින්.

“දුව පුංචි කාලෙ ඉඳලම සංගීතයට පුදුම ආශාවක් තිබුණේ. ලස්සන සිංදුවක් ඇහුණාම එය පාඩම් කරගෙන තාලයට කියනවා. එයාට වයස අවුරුදු 2 1/2 විතර මගේ මල්ලි සුදත් පුංචි ගැට බෙරයක් ගෙනැත් දුන්නා. එයා ඒක ලස්සනට ගහන්න ඉගෙන ගත්තා.

සමන්ත පෙරේරා

පස්සේ සහේළිගේ තාත්තාත් (චන්දන ගමගේ) මමත් මෙයාගෙ හැකියාව දැනගත්තා. ඒ නිසා කුඩා කාලෙම විශාරද නීලා වික‍්‍රමසිංහ මහත්මිය ළඟටත් පසුව නන්දා මාලිනී මහත්මිය ළඟටත් ගීත ගායනය හදාරන්න යොමු කළා.

ඉන්පස්සේ 6 වසරේ දී ජ්‍යෙෂ්්‍ය කථිකාචාර්ය මහානාම වික‍්‍රමසිංහ ගුරුතුමා ළඟටත් ඉන්පසු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රශ්මි සංගීතා ගුරුතුමිය ළඟටත්, ශාන්ත සෙනරත් යාපා සහ ආරියදාස මුදුන්කොටුව යන ගුරුතුමන්ලා ළඟටත් යොමු කළා. ඒ අනුව ප‍්‍රථම, මධ්‍යම, ඩිප්ලෝමා I, II  විභාග සමත් වෙලා දැන් ඇය විශාරදවරියක්.”

“මම පුංචි කාලෙ ඉඳලම ගීත ගායනා කරන්න සංගීත භාණ්ඩ වාදනය කරන්න කැමතියි. මගේ මුල්ම රේඩියෝ වැඩසටහන වුණේ ගුවන් විදුලි සංස්ථාවේ ළමා වැඩසටහනක්. එදා මම ගායනා කළේ සටන් ගීයක්.

මට වයස අවුරුදු 4 දී ස්වාධීන රූපවාහිනියේ කුරුලු කැදැල්ල වැඩසටහනට සහභාගි වුණා. එදා මම ගායනා කළේ යුද්දෙටත් ඇවිත් ගීතය.

ඊට පස්සෙ ළපටි පෙළ, කං කං බූරු, හමිටි ඩමිටි, කවුරු වෙයිද මං වැනි ළමා වැඩසටහන් වලට සහභාගි වෙලා තියෙනවා.

මම පාසල් ගියේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට. එහිදී පාසලේ සංගීත ගුරුතුමී විශාරද මනෝ මල්වර ආරච්චි ගුරුමෑණි යටතේ සාමාන්‍ය පෙළ දක්වා සංගීතය හැදෑරුවා.

ඒ කොහොම වුණත් පුංචි කාලෙ ඉඳලා අද දක්වාම මගේ සංගීත දිවිය පිටුපස ඉන්නේ අමරසිරි පීරිස් මාමා.

දැන් මම ඇමරිකන් ජාත්‍යන්තර පාසලේ ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගන්නවා. මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වෙන්නයි.” සහේළී කතා බහ ඇරැඹුවේ ඒ විදිහට. රටක් අවදි කළ ගීතය පිළිබඳව අසන්නට කාලය ඇවිත්.

“මේ ගීතය ලියුවේ සුනිල් ආර්. ගමගේ මාමා. මගේ පළමු වැනි ගීත තැටිය පසුගිය වසරේ දෙසැම්බර් 04 ‘සහේළී’ නමින් එළි දැක්වූවා. ඉන් පසුව මාර්තු මාසයේ ගීත 8 ක් ඇතුළත් ඩීවීඩී තැටිය නිකුත් කළා. ඉතින් සුනිල් මාමා මේ වැඩ කටයුතු වලට නිතරම අපේ ගෙදරට එනවා.

එහෙම දවසක තාත්තාට මේ ගීතයේ අදහස ගැන කියලා. තාත්තා තමයි මෙය නිර්මාණය කරන්නට මුල් වුණේ.

මේ ගීතය දැන් හරිම ජනපි‍්‍රයයි. මට හරිම සතුටුයි. කවදාහරි අපේ රට නිදහස් කරගත් දාට ප‍්‍රචාරය කරමු කියලා තමයි මෙය නිර්මාණය කළේ. කලාකාරියක් ලෙස අපේ වචනයකින් හරි රට බේරාගත් ජනපතිතුමාට උපහාරයක් දක්වන්න ලැබුණු එක ගැන මම සතුටු වනවා.

මේ ගීතය ප‍්‍රචාරය වෙන්න ගත්තට පස්සෙ ජනපතිතුමාට කතා කරන්න කියලා පණිවුඩයක් ලැබුණා. අපි කතා කරන මොහොතේ එතුමා හිටියේ නිදාගෙන. පස්සෙ ජනාධිපතිතුමාම මට කතා කළා. එතුමා මට සුබ පැතුවා.

මේ ගීතය ප‍්‍රචාරය වුණාට පස්සෙ ස්වාධීන රූපවාහිනියෙන් කතා කරලා කිව්වා ඉක්මනට දමිළ භාෂාවෙන් පටිගත කරල දෙන්න කියලා. ඒ අනුව මඬුලුගිරියේ. විජේරත්න මහතා මෙය දමිළ භාෂාවෙන් ලියාදුන්නා.

ආයුබෝ වේවා! මහරජාණනී!

 

 

 

 

 

ආයුබෝවේවා... මහරජාණෙනි...!
ආයුබෝවේවා... ආයුබෝවේවා...

සිව්මහ බඹුන් දුන් විවරණින්
අපටත් රජෙක් පහළව ඇතේ
ඒ මහ රජුන් පෑ පෙළහරින්
මේ දෙරණ එක්සේසත් කළේ //

ආයුබෝවේවා... මහරජාණෙනි

 

යාපා පටුන උතුරින් - දකුණින් දෙවුන්දර තුඩුවෙන්
නැගුණු දුක්සෝසුසුම් නිවමින් සමගි බල මහිමෙන්
දෙස් විදෙස් අභියෝග බිඳ හළ මහරජාණෙනි
ආයුබෝවේවා... මහරජාණෙනි...

 

නැගෙනහිර අබිමන් සුපසන් උදානය ගෙන දුන්
උතුරුකරයට වසන්තය දී දෙරණ දිනු දෙවිඳුන්
දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණෙනි
ආයුබෝවේවා... මහරජාණෙනි...

 

සිව් මහ බඹුන්...

 

එය පසුගියදා නිදහස් චතුරස‍්‍ර බිමේ පටිගත කරලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කතා කළාට පස්සේ විකාශය වුණා.”

මේ ගීතයේ නිර්මාණ කාර්යයේ පසුබිමේ සිටින්නේ සහේළීගේ පියා චන්දන ගමගේ.

“සුනිල් ආර්. ගමගේ අපේ ඥාති සොහොයුරෙක්. දුවගේ සංගීත නිර්මාණ කටයුතුවලට ඔහු නිතරම අපේ ගෙදර එනවා.

එක දවසක් ඔහු මේ වගේ අදහසක් ගැන කිව්වා. පස්සෙ අපි දෙන්නම කතා බහ කරලා අපේ ගෙදර තමයි ඔහු මේ ගීතය ලිව්වේ.

සමන්ත පෙරේරා මහතාට සංගීත නිර්මාණ කටයුත්ත බාරදුන්නා. ඉන්පසු ගීතය පටිගත කරලා ගීතයට අවශ්‍ය දර්ශන රූපගත කිරීමට කටයුතු කළා.

නර්තන නිර්මාණ ශිල්පී චන්දන වික‍්‍රමසිංහ මහතාට තමයි ඒ කටයුත්ත බාර දුන්නේ.

අනුරුද්ධ ජයසිංහ මහතා තමයි මේ නිර්මාණය කිරීමේ වගකීම බාර ගත්තේ.

එදා දුවගේ හැඩ ගැන්වීම කළේ නාලිකා ද සොයිසා ඥාති සොහොයුරිය. ඇඳුම් නිර්මාණය නීලමනී මුණසිංහ.

මෙය පටිගත කරලා අවසානයේ සංස්කරණය කළේ සමන් සමරවික‍්‍රම.

සංස්කරණය කිරීමේ දී අපි හරි අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා. මේ ගීතයේ සංස්කරණ කටයුතු යොදා ගත් දවසේ තමයි එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ගුවන් ප‍්‍රහාර කොළඹට සහ කටුනායකට එල්ල කළේ. අපි වැඩ පටන්ගන්න හදනකොටම විදුලිය විසන්ධි වුණා.

පැය ගණනක් බයෙන් තැති ගැන්විලා ඉඳලා අමාරුවෙන් ගෙදරට ගියා. කොහොම හරි මෙහි සංස්කරණ කටයුතු වලට දවස් 28 ක් ගතවුණා.”

සහේළීගේ හඬට, ගායනයට ප‍්‍රබල දායකත්වයක් දෙන්නේ මෙහි පදවැලයි. මේ ඒ පිළිබඳව අදහස් දක්වන සුනිල් ආර්. ගමගේ.

ගීත රචක සුනිල් ආර්. ගමගේ, සහේළිගේ මව සහ පියා, ද්‍රවිඩ ගීතය පටිගත කළ මොහොතේ.

“අපේ රට දශක ගණනාවක් පුරාම ත‍්‍රස්තවාදයෙන් බැටකෑවා. ඒත් මාවිල් ආරු සොරොව්ව මුදාගත් දා මට හිතුණා අපට හොඳ නිර්භීත නායකත්වයක් තිබෙනවා නම් ඕනෑම බලවේගයක් පරදන්න පුළුවන් නේද කියලා.

ඒ අනුව ජනාධිපතිතුමා කෙරෙහි මා තුළ තිබුණු ගෞරවය විශ්වාසය වැඩි වුණා.

දවසින් දවස මානුෂීය මෙහෙයුම ඉදිරියට යනවිට මට හිතුණා අපට මේ පහළ වෙලා ඉන්නේ රජෙක් නේද කියලා.

ඒ අනුව තමයි මට මේ සිතිවිල්ල ආවේ. මෙය චන්දන මල්ලිට කිව්වාම ඔහු මාව දිරිමත් කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි මේ පදවැල බිහි වුණේ. මා තුළ විශ්වාසයක් තිබුණා එතුමා කවදා හරි මේ රට එක් සේසත් කරනවා කියලා.”

පදවැල සමඟ ගායනය එක ලෙස ගැළපෙද්දී මෙහි අපේ කම ගැන හැඟීමක් ඇතිවන සංගීත නිර්මාණය ගැනත් කතා කළ යුතුයි.

මේ මෙහි සංගීත නිර්මාණ ශිල්පී සමන්ත පෙරේරා.

“මෙම ගීත රචනාව මම දීල සංගීතය නිර්මාණය කරන්න කීවාම මට අපේකම හිතට දැනුණා. මුලින් ම මෙහි ආයුබෝවේවා කියල පටන් ගන්න කොටස ලියල තිබුණෙ නෑ. මම ඒ කොටස මුලට යෙදුවා.

ජන වහරේ එන ජන සංගීතය, ප‍්‍රශස්ති ගීත ශෛලිය යොදා ගත්තා. එය පංච තූර්ය නාදය මිශ‍්‍ර කළා. උඩරට බෙරය, හොරණෑව, තම්මැට්ටම යන වාදන භාණ්ඩ උපයෝගි කරගෙන තමයි නිර්මාණය කළේ.

පවුලේ "

There are no comments.
 
Copyright © 2007 - 2009  All Rights Reserved.  www.lankafreezone.com  Privacy Policy

 Sri Puwath - srilankan Qatar News Rentlk.comSell Buy Rent Everything Free in One Place in Srilanka.