Login or Register for free!
Logo



 
 
HomeSpacerDownloadSpacerForumSpacerGallerySpacerSearchSitemapRssfeedsecardsjokes
 Home > Forum > General > Announcement & News > රියදුරු වැරදි වලට යෝජිත වී "
 
Navigator
Photo Gallery
Shraddha Das 03
Articles
Topsites
New Downloads
Arrow Forum
Moderators: Moderators
Forum RSS feedReply
රියදුරු වැරදි වලට යෝජිත වී "
AuthorText
rasika
Senior Member
Avatar

Posts: 418
Contributes: 409

Gender: _NEUTRAL_
Online: No
Date: 24/03/2012 20:08
රියදුරු වැරදි වලට යෝජිත වී "
#post7797
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් නව රියදුරු නීතිමාලාව අනුව මහ මගදී සිදුවන වැරදි වලට දඬුවම් ලකුණු දීමේ ක‍්‍රමයක් ලංකාවේ ස්ථාපිත කරන්නට නියමිතය.

ඒ අනුව රියදුරන්ගේ විවිධ ධාවන වැරදි වලට එක් එක් ආකාරයට දඬුවම් ලකුණු හිමිවන අතර සෑම රියැදුරෙකුගේම දඬුවම් ලකුණු වාර්ෂිකව එකතුකිරීමේ ක‍්‍රමයක්ද ක‍්‍රියාත්මක වෙනවා. නව ක‍්‍රමය අනුව සෑම වසර 2 කට වරක්ම රියදුරු බලපත‍්‍රය අලූත්කිරීමට අවශ්‍ය වන අතර වර්ෂ දෙකක් අවසානයේ දඬුවම් ලකුණු 18 ට අඩුවෙන් ලබා තිබේ නම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට අවකාශ සැලසේ.

ලකුණු 18-23 අතර ලබාගන්නා රියදුරන් කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරු බලපත‍්‍රය අලූත් කරගැනීමට සිදුවන අතර 23 ට වැඩියෙන් දඬුවම් ලකුණු ලබා තිබෙන අයගේ බලපත‍්‍රය නැවත අලූත් නොකර වසරක කාලයකට අත්හිටුවන්නටද නියමිතය. මෙම ලකුණුදීමේ ක‍්‍රමය සමග වර්තමාන දඩ ගැසීමේ ක‍්‍රමයද එලෙසම ක‍්‍රියාත්මක වන අතර රියදුරෙකු දිගින් දිගටම වැරදි කිරීමේ අවස්ථාව අහිමිවී යාම මෙහි ඇති වාසියයි. මෙම ලකුණු දීමේ ක‍්‍රමයට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇති හෙයින් එය ඉක්මණින් ක‍්‍රියාත්මක කරන්නට රජය බලාපොරොත්තු වන අතර එයට ප‍්‍රථම පරිගණකගත ලකුණු එක් රැස් කිරීමේ ක‍්‍රමවේදයක්ද පිහිටුවන්නට නියමිතය.

පහත පළවන්නේ දැනට යෝජනා වී තිබෙන ලැයිස්තුවේ සඳහන් වැරදි හා දඬුවම් ලකුණු සංඛ්‍යාවන්ය.

රියදුරු වැරදි හා යෝජිත දඬුවම් ලකුණු

අනතුරක් වැළැක්වීමට උත්සාහ නොකිරීම - ලකුණු 6
අවදානම් සහගත තැන්වල වේගයෙන් ධාවනය - ලකුණු 3
අධිවේගී මාර්ගයේ නොසැලකිලිමත් ධාවනය - ලකුණු 3
අනතුරක් සිදුවූ පසු නොනැවතී ධාවනය - ලකුණු 10
අනතුරක් වූ පසු ළඟම පොලිසියට දන්වා නොතිබීම - ලකුණු 10
වේග සීමා අභිබවා ධාවනය - ලකුණු 6
පාරේ වම් ධාවන තීරුවේ ධාවනය නොකිරීම - ලකුණු 2
පාර පැහැදිලි නැති තැනක වැරදි ලෙස ඉස්සරකිරීම - ලකුණු 6
වැරදි පැත්තෙන් ඉස්සර කිරීම - ලකුණු 4
දකුණු පස වාහනයට ඉඩ නොදීම - ලකුණු 4
අහේතුකව අධිවේගී මාර්ගයේ දිගු දුරක් පසුපස පැදවීම - ලකුණු 4
මාර්ග සලකුණු නොතකාහැරීම - ලකුණු 6
පොලිස් සලකුණු දැක්වීම් හා වාචික විධාන නොතකා හැරීම - ලකුණු 6
නියමිත පරිසර පරීක්ෂණ අසමත් වාහන ධාවනය - ලකුණු 6
නියමිත ශබ්දයන්ට වැඩි හඬ නගන වාහන ධාවනය - ලකුණු 6
තහනම් තැන්වල හෝන් ගැසීම - ලකුණු 6
පුද්ගලයකුට වාහනයකට හෝ මාර්ගයට හානිකර ප‍්‍රමිතියෙන් තොර වාහන භාවිතය - ලකුණු 10
ආසන ආරක්ෂණ පටි නොපැළඳීම - ලකුණු 3
වංගු-ද්විත්ව ඉරි ආදි තහනම් තැන්වල වාහන ඉස්සර කිරීම - ලකුණු 4
කහ ඉරි අසළදී වාහන නැවැත්වීමට අසමත්වීම - ලකුණු 6
හෙල්මට් නැතිව මෝටර් සයිකල පැදවීම - ලකුණු 4
සෙල්ෆෝන ආදී උපකරණ අතින් පරිහරණය කරමින් වාහන ධාවනය - ලකුණු 4
Delete Edit Quote
 
Reply
 
Copyright © 2007 - 2009  All Rights Reserved.  www.lankafreezone.com  Privacy Policy

 Sri Puwath - srilankan Qatar News Rentlk.comSell Buy Rent Everything Free in One Place in Srilanka.